top of page

සරැලි හසරැලි

  • Jan 1, 2016
  • 1 min read

දියඹ මැද උඩ පැන

යලි එසැන හැංගෙන

වචනයෙන් විතරක්ම පවතින

සරැලි හසරැලි හඬ

මේ දැනුත් ඇහුනා වගේ

මතකය.

ගල් පරය මත

විනෝදෙට මසුන් අල්ලන

මහලු මිනිසා මුදා හල

දුම් බෝල

මුහුදු හුලඟට බිලි වෙන

ඉක්මන.

මුහුදු වැට මායිමේ

එල්ලිගෙන

වෙරි මරගාතෙ

කියව කියවා සිටි ඉර

ක්ශිත බැම්මෙන්

ලිස්සා වැටුනු ලස්සන

(c) Ashan Weerasinghe

 
 
 

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2016 by Ashan Weerasinghe 

bottom of page