මහගෙදර තහනම් ලොකු අයියාට...
- Jan 1, 2016
- 1 min read
වචන හරි අරුමැසි
අබරන සදිසි
කෙනෙකු පෙනෙනා හැටි
අමුතු හැඩවලට
වෙනස් කල හැකි
මොකට ජෙයපාලන්
පුදුම වෙන්නද
මේ අපට එදා සිට
උගන්වා ඇති හැටි
අපි හරි බයයි
අදහස්වලට
ඒ හින්දාම තරහයි
අදහස් උනන උල්පත් එක්ක
මට එය වෙනස් නොකලැකි
ඒ වුනත් මෙහෙම ලිව්වැකි
'කවියන්ට රිදවන රකුසන්ට
තරහකරුවන් වැඩි
ඇතැම් කවියන් අත
අදහස් තියුනු කඩු වැනි'
මොකට ජෙයපාලන්
පුදුම වෙන්නද
මේ අපට උගන්වා ඇති හැටි!
(c) Ashan Weerasinghe







Comments