අල්ලා ගහන ගල්
- Jan 1, 2016
- 1 min read

ශුද්ධ වූ අත්වලින් එක්කාසු කල
ගල් ගෝනියක් පිට බැඳ
එන්නැයි කියන්න අල්ලාට.
පිරිසිදුම පිරිමි අත්වල
ගල්මය ශ්‍රද්ධාව
සම්බාහනය කරන තුරු මා හිස
කුරානයෙ වැකි එකිනෙක
කටපාඩමින් කියන්නැයි
ඔහුට කියන්න.
අන්තිම හීන් කෙඳිරියත්
මා මුවින් ගිලිහෙන්න ඉඩ හැර
අල්ලාගෙන් මෙහෙම අහන්න
"කුරානය කාගෙද?
එය ලිව්වෙ ඔබමද?"
නිකටෙහි අත රුවාගෙන
'දෙවියන්ගෙ කැමැත්ත' යි මුමුනන ගෑනුන්ට
සූදානමින් ඉන්න කියන්න
ආගමික පිරිමි ලිඟුවට
එරෙහි වූ දින
අල්ලාගෙ ගල්වලට හිස දෙන්න
(c) Ashan Weerasinghe







Comments