මක් කරන්නද?
- Jan 1, 2016
- 1 min read
වෙන්න ඇති කප් සියක් කල් ඔබ මෙහි ඉන්න ඇති
මේ බිමේ ගහ වැලට ජීවයත් මල්වලට ලස්සනත් හෙලකමේ මවිලකුදු නොසොලවා වැටක් මෙන් නැග සිටි තුංග සිඳු පවුරට ලවන රසයත් ජුරාසික යුගේ සිට ඔබ දෙන්න ඇති
එහෙත් සුමිතුර මා දැන් මෙහි ඉපිද ඇත
අතීතය කියන මේ කැඳ හැලිය එදා සිට කාල් ගා ඇත්තේම රජුනට ආ වැඩූ කපටි ආඬින්මය
අත දමා කලතවා බැලුවොත් නෙක පාට ඩයි මිස හීන් බත් ඇටයකුදු බලනු එහි වෙද?
මැරෙන දින රෙද්ද අස්සේ අකුලගෙන යන අපායක ගෙන යනුව බිම ඔබ ලියා ගත්තාට කම් නැත
ලෝ පල් දෙවිඳු හමු වන දිනෙක ඉල්ලා සිටිය හැකි ඔබට කරදර නොවන බිම් කඩෙක උපදවන්නැයි
එහෙත් සුමිතුර මක් කරන්නද? මා දැනට මෙහි ඉපිද ඇත
(c) Ashan Weerasinghe







Comments