බැරිද?
- Jan 1, 2016
- 1 min read
මේ දැනුත් ඒ තැන්වල
වෙනත් අය ඇති
ප්‍රේමයට පොදු වියරන
ලෝ සම්මතේටම වැහැරෙනවත් ඇති
ඒ වුනත් බැරිද
අපි කඩා ඉහිරෙන්න ඉස්සර කාලෙ
මතක පෙරහන්කඩින් පෙරා බලන්න?
කුනු කන්දල් සේරෝම සෝදා හැර
හිනා ඇබින්දක්
සැනසිලි කාලයක්
හුස්ම පොදක්
විතරක් ඉතිරි වෙන හැටියට
පරන සේයා පටල කපා කොටන්න?
අතේ ඇඟිලි ගානට විතරක්
ඉතිරි වෙන පටල දෙක තුනෙන්
හැංගිලා ගියත් ඔබටත් මටත්
නිවීහැනහිල්ලෙ බලා හිඳින්න
කෙටි චිත්‍රපටයක් හදා ගන්නත්
බැරිද?
(c) Ashan Weerasinghe







Comments