top of page

මැටි පිලිම

  • Jan 1, 2016
  • 1 min read

පැමිනි නොපැමිනි සිව්දෙස සඟන

මෙහෙ එව!

බලන් මා හිස

කරවෙන තරම අව්වට

පහල උත්සව හට් අටවගෙන

රටේ නම ගිය නූගතුන් සහ

මැති ඇමැත්තන් පිරිවරාගෙන

නිරාවරනය කරන්නට මේ අර අදින්නේ

නුඹේ හෙලුවද? මගේ මුහුනද?

කියන් මට.

ලොව උසම හිටි පිමියත් මම

දිගම සැතපෙන පිලිමයත් මම

පීරුවත් මුලු ආසියාවම

ලොකුම ලොකු හිඳි පිලිමයත් මම

පුදුමයකි මෙය

කෙල පිඬක් සේ බැහැර ලන්නැයි

මා කියූවෙත්

මේ මමංකාරෙම නොවෙද?

මට බයයි නුඹ ගැනද 'ලොකු නම'

පීකරෙන් වැදි බන දෙසූවට

ප්‍රේතයෙක්වත් වෙලා මෙතනම

කල් හරීවිද?

(c) Ashan Weerasinghe


 
 
 

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

© 2016 by Ashan Weerasinghe 

bottom of page